උපන් රටට ණය නැති පරිපූර්ණ මිනිසෙකු වීම එතරම් ලෙහෙසි නැත. ඒ ගමනේ කැපකිරීම් අතිමහත්ය. නින්දා ප්‍රශංසා බොහෝය. එලෙස ජීවිතය දිනූ අපේ රටට නෑකම් කියන ශ්‍රී ලාංකික කාත්තාවක් ගැන ඉකුත් සතියේ ඇමෙරිකාවෙන් වාර්තා විණි. ඇය එසේ මෙසේ කෙනෙකු නොව, ලෝකෙට පොලිස්කාරයා වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට උපදෙස් දෙන වෛද්‍ය විද්‍යාඥවරියකි.
මේ කියන්නට යන්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක වන මහාචාර්ය අශානි තනූජා වීරරත්න මහත්මිය පිළිබඳවය. ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස එරට ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉකුත්දා පත් කරනු ලැබීය. ඇමරිකාවේ ජාතික පිළිකා වැඩසටහන් ක්‍රියාකාරිත් පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික පිළිකා ආයතන අධ්‍යක්ෂවරයාට උපදෙස් හා සහාය ලබා දීම අශානි වීරරත්න මහත්මිය ඇතුළු එරට ජාතික පිළිකා උපදේශක මණ්ඩල සාමාජිකයින්ගේ කාර්යභාරය වේ.
අශානි වීරරත්න මහත්මිය ඇමෙරිකාවේ පිළිකා හේතුවෙන් වයසට යෑමේ බලපෑම පිළිබඳ මෙලනෝමා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි. 1971 වසරේදී ලාංකික මව් පිය යුවළකට දාව ශ්‍රී ලංකාවේ ඉපිද අප්‍රිකාවේ ලෙසෙතෝ රාජ්‍යයේ හැදී වැඩුණු මහාචාර්ය අශානි විරරත්න මහත්මිය ජීව විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවුරුදු 17 දී 1988 දී ඇමෙරිකාව මෙරිලෑන්ඩ් හී සෙන්ට් මේරිස් කොලිජියට ඇතුළත් වූවාය.
පසුකාලීනව ඇය ජොර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමිකර ගත්තාය.ඇය ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් ප්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ ඊ.වී. මැකොලහි සභාපතිවරිය ලෙසත්,බ්ලූම්බර්ග් කීර්තිමත් මහාචාර්යවරියක ලෙසත්, සිඩ්නි කිම්මල් විස්තීරණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක්‍රමණ හා මෙටාස්ටැසිස් වැඩසටහනේ සම-නායකවරිය ලෙසත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසත් කටයුතු කරමින් සිටියදී ජනාධිපති ජෝ බයිඩන් මෙම තනතුරට පත් කරනු ලැබීය.
පාරිසරික ක්ෂුද්‍ර වර්ග, සාමාන්‍ය සෛල හා ගෙඩියක් වටා ඇති ව්‍යුහයන්, මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව මහාචාර්ය වීරරත්න මහත්මිය විවිධ පර්යේෂණ සිදු කරන්නීය. මෙලනෝමාවල වයසට යාමට හේතුවන ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් හා ප්‍රතිකාර ප්‍රතිරෝධයට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු පර්යේෂිකාව වනේද ඇයයි.
ඇගේ අධ්‍යයනයට ප්‍රතිශක්තිකරණ සෛලවල පටක හරහා සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහී බලපාන ජෛව භෞතික වෙනකම් සෙවීමද ඇතුළත් වේ. ඉලක්ක කරගත් චිකිත්සාව සහ ප්‍රතිශක්ති චිකිත්සාව යන දෙකෙහිම වයස් සම්බන්ධ වෙනස්කම් ඇගේ පර්යේෂණ මගින් සොයාගෙන ඇත. අශානි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සේවය කිරිමට පෙර ලූම්බර්ග් මහජන සෞඛ්‍ය විද්‍යාලයේ පිළිකා ජීව විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරියක් ලෙස හා විස්ටාර් ආයතනයේ විද්‍යාගාරයේ ප්‍රධානියා ලෙස ද සේවය කළාය.
විස්ටර් ආයතනයේදී මහාචාර්ය අශානි ප්‍රතිශක්ති විද්‍යාව,ක්ෂුද්‍ර පරිසරය සහ මෙටාස්ටැසිස් වැඩසටහනේ පූර්ණ මහාචාර්යවරයෙක් සහ සම-වැඩසටහන් නායකයෙකු මෙන්ම විද්‍යා විශ්වවිද්‍යාලයේ පිළිකා ජීව විද්‍යා වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද විය. ලංකාවේ ඉපිද ලෙසොතෝ හි හැදී වැඩුන අශානිට වයස අවුරුදු 15 සිට පිළිකා පර්යේෂිකාවක් වීමට අවශ්‍ය විය. ඒ අනුව 1988 දී වයස අවුරුදු 17 ක් වූ ඇය මේරිලන්ඩ්හි ශාන්ත මරියා විද්‍යාලයේ ජීව විද්‍යාව හැදෑරීම සඳහා අප්‍රිකාවෙන් පිටත් වූවාය. 1991 දී පශ්චාත් උපාධියක් ලබා ගත් අශානි 1997 දී ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් අතර, එම කාලය තුළදී ඇයගේ වෘත්තීය ජීවිතය වෙනස්කම් රැසකට මුලපිරිය.
ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ කොලොම්බියානු කලා හා විද්‍යා විද්‍යාලයෙන් අණුක හා සෛලීය ඔන්කොලොජි පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් අශානි 1998 සිට 2000 දක්වා වීරරත්න පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කළ අතර එවකට ජෝන්ස් හොප්කින්ස් ඔකොලොජි මධ්‍යස්ථානය ලෙස හැඳින් වූ ජෝන්ස් හොප්කින්ස් සිඩ්නි කිම්මෙල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක චිකිත්සක හා ඔෂධවේදය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය ලැබුවාය.එතැන් සිට ඇය ජාතික සෞඛ්‍ය ආයතනවල එවකට ජාතික මානව පරම්පරා පර්යේෂණ ආයතනයේ විද්‍යාත්මක අධ්‍යක්‍ෂ වූ ජෙෆ් ට්‍රනේට්ගේ රසායනාගාරයේ මාණ්ඩලික විද්‍යාඥවරියක වූවාය.
මෙලනෝමා සම්බන්ධයෙන් ආචාර්ය ට්‍රනේට් සහ ආචාර්ය මයිකල් බිට්නර්න්ගේ සොයා ගැනීම පිළිබඳව ඇය අනුගමනය කළේ මෙතැනදී ය. මෙලනෝමා රෝගය ගැන කාර්යභාරය අවබෝධ කර ගැනීම සඳහා ඇය වසර 10කට ආසන්න කාලයක් පර්යේෂණ පවත්වා ඇත. 2007 දී මහාචාර්ය අශානි ජාතික වයස් පිළිබඳ ආයතනයේ ප්‍රතිශක්ති විද්‍යාගාරයේ වැඩ කළාය. 2011දී විස්ටර් ආයතනයට බැඳුණු අතර, පළමුවෙන් සහකාර මහාචාර්යවරයෙකු ලෙස ද පසුව විස්ටර් ආයතනයේ ක්ෂුද්‍ර පරිසරය සහ මෙටාස්ටැසිස් වැඩසටහනේ සම මහාචාර්යවරයෙකු ලෙස ද වැඩසටහන් නායකයෙකු ලෙස ද කටයුතු කළාය.
2014 දී ඇය ජාතික පිළිකා ආයතනයේ R01 ප්‍රදානය ද ලැබුවාය. 2015 දී ඇගේ පර්යේෂණවලට සමට වියපත් වීමේ බලපෑම් සහ ගැටිති වර්ධනයේ අනුරූපී වෙනස්කම් ඇතුළත් විය. ආචාර්ය වීරරත්න මෙලනෝමා මෙටාස්ටැසිස්,ඩබ්ලිව්එන්ටී සංඥා සහ වයස්ගත වීම පිළිබඳ විශේෂඥයෙක් වන අතර ඇගේ පර්යේෂණ මගින් ක්ෂුද්‍ර පරිසරයේ මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර සිටින්නීය.
මෙලනෝමාවල වයස්ගත ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය සඳහා මඟ පෙන්වන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු තැනැත්තා ඇයයි. ඇගේ අධ්‍යයනයන්හි ගෙඩියේ සහ ප්‍රතිශක්තිකරණ සෛල දෙකේම සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහි බලපාන ජෛව භෞතික වෙනස්කම් ඇතුළත් වේ.මහාචාර්ය අශානි වීරරත්න 2019 දී ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූයේ බ්ලුම්බර්ග් පිළිකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ය.
ඇය මෙම භූමිකාවේදී, ඇය සිය මෙලනෝමා පර්යේෂණ දිගටම කරගෙන යන අතර වයසට යාම සහ පිළිකා වැඩසටහන් පුළුල්ව පරේෂණය කළාය. ඇයගේ මෙම සියලු පර්යේෂණයන් හී කැපවීම් අවසානය ඉකුත් දා හිමි කර ගත්තේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ගෙනි.
ඒ ඇමෙරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දෙන ජාතික පිළිකා උපදේශක මඩලයට 2021 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරනු ලැබීය. ඇයගේ පර්යේෂණ ගමන් මගේ අග්‍රඵලය විය. මෙම ඇමරිකානු සිහිනය ලුහුබැඳ යාමට පවුලක් නොමැතිව සංක්‍රමණය වීමේදී තමා මුහුණ දුන් දුෂ්කරතා ඇය සැමවිටම හෙළි කිරීමට වගබලා ගත් කාන්තාවක් වූවාය.
ඊට අදාළව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ සංක්‍රමණිකයින් ඉවත් කිරිමේ ප්‍රතිපත්තියට එරෙහිව මහාචාර්ය අශානි හඬ නැගු අතර ඒ වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණිකයින්ගේ විද්‍යාත්මක ජයග්‍රහණ සහ ආර්ථික වර්ධනයන් පිළිබඳ සමාජයේ ඉස්මතු කළේ උපන් රටට මෙන්ම හැදුනු වැඩුණු රටට ආභරණයක් වෙමිනි.
සටහන – ගොසිප් ලංකා