ජාතික ජලසමිපාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක් !

0
400

හෙට (03) දින විදුලි සේවකයින් ක්‍රියාත්මක කිරීමට නියමිත උද්ඝෝෂණයට සමගාමීව විදුලි විසන්දි වීමක් සිදුවුවහොත් ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිටීම වැළැක්විය නොහැකි බව ජලසම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරුවන් අනතුරු අඟවනවා.

විදුලිය විසන්ධි වනවාත් සමඟම ජල සැපයුම් පොම්පාගාර අක්‍රියවීම එම තත්ත්වයට හේතුව බවත්, විදුලිය විසන්ධි කර නැවත ලබා දුන්න ද අක්‍රිය වූ පොම්පාගාර යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය දොළහකට අධික කාලයක් ගතවන බවත් එම ඉන්ජිනේරුවන් පෙන්වා දෙනවා. ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් වැඩ වර්ජනයකට යාමට කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here