ජනාධිපතිවරයා පැමිණි විගසම ඉල්ලා අස්වීමට නියමිත කැබිනටි ඇමතිවරයා කවුද ?

0
317


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්ත සංචාරය නිමවා ලංකාවට පැමිණි සැණින් කැබිනට් අමාත්‍යවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.


මේ වනවිට ඊට අදාළ ලිපිය පවා අමාත්‍යවරයා විසින් සූදානම් කොට ඇති බව දැනගන්නට තිබේ.


අමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීම හරහා ආණ්ඩුව ඇතුළේ විශාල ඉරිතැලීමක් සිදුවනු ඇති බව දැනගන්නට ඇත.


මෙසේ ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ මෙතෙක් කතා නොවුණු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමාත්‍යවරයකු බවද වාර්තා වේ.


ආණ්ඩුව තුල ඇති මෙම දෙදරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතදමා ඇති බවද සඳහන් වේ. නමුත් මේවන විට අභ්‍යන්තර මතගැටුම් උත්සන්න වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here