මෙවර සම්ප්‍රදායික නොවන අය වැයක් – පී.බී. ජයසුන්දර

0
455

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (02) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු පිළිතුරු සැපයූහ.

“ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය” තේමාව යටතේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here