මිතුරන්ගේ ආශිර්වාදය මෙන්ම ප්‍රතිවාදීන්ගේ අභියෝග දේශපාලන ජයග්‍රහණයන්ට පන්නරයක් කර ගත් බව පොදුජන පෙරමුණ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරයට අද එක්වෙමින්.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද වීඩියෝ පටයක් ඔස්සේ සංවත්සරය වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළා.
ජාතික අපේක්ෂා හඳුනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන ගමනට තම සුබ පැතුම් එක්කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආණ්ඩු බලය අහිමි වී මර්දනයට ලක්වූ විට යළි නැගිටින ආකාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි බවයි .
ආණ්ඩු බලය ලබා ගත් පසු දේශපාලනය අමතක කිරීම හරහා ගැටළු නිර්මාණය වී ඇති බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
පක්ෂයක කීර්තිය රැකෙන්නේ ආයතන නිවැරදිව පාලනය කිරීම මෙන්ම ජනතාව අතරට යාමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.
ගුරු වර්ජනය දුරදිග යාමට හේතුව දේශපාලනයෙන් ඉවත් වී ආයතන පාලනයට අවධානය යොමු කිරීම බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ ගොවි උද්ඝෝෂන සම්බන්ධයෙන්ද ජනතාව අතරට ගොස් ඔවුන්ගේ හඬ තේරුම් ගැනීමට කටයුතු කළ යුතු බවයි.
එසේ නොකළහොත් පරාජයට පත් වූ පාර්ශව ඉන් අනිසි වාසි ලබා ගත හැකි බවද සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.