එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට එංගලන්තය සමත්වූවා.
එංග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) අළුයම නිමා වූ තරගයේ ලකුණු 255 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩකයින් කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
එක්දින තරගයකදී කණ්ඩායමක් කිසිදු කඩුල්ලක් නොදැවී හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක් වූවා.
එංගලන්තය වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් ලකුණු 133 ක් හා ජේසන් රෝයි ලකුණු 112 ක් රැස් කිරීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැංවූ ලකුණු 256 ක සබඳතාව එක්දින තරගයකදී එංගලන්ත පිතිකරුවෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කළ ඉහළම ලකුණු සබඳතාව
වේ.
තරගයේ විරයා සම්මානය ජේසන් රෝයි ට හිමිවූ අතර මේ තරඟයත් සමඟින් තරග 1-0 ක් ලෙසින් ජයගෙන එංගලන්තය ඉදිරියෙන් සිටියි.
දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟය බ්‍රිස්ටල්හිදී හෙට(26) පැවැත්වීමට නියමිතයි.