සියලුම විදුලි සේවකයන්ගේ නිවඩු අවලංගුයි – චක්‍රලේඛයක් මගින් දන්වයි

0
279

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන්ගේ නිවාඩු අද (03) සිට නැවත දැනූම්දෙන තුරු අවලංගු කරමින් පාලනාධිකාරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව ලං.වී.ම සාමාන්‍යාධිකාරීවරයා දැනුවත්කර අවශ්‍යතාවයක් වෙතොත් අදාල නිවාඩු අනුමත කරගත යුතුය. තවද ලං.වී.ම රථවාහන මගින් විරෝධතාවය සදහා කොළඹට පැමිනීමද තහනම් කර ඇත. එය උල්ලංඝණය කරන අයවලුන්ට රජ්‍ය දේපල අවභාවිත කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බව සදහන්වේ.

ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගක නිරත වන බවට විදුලිබල මණ්ඩල කළමනාකාරිත්වය වෙත තොරතුරු ලැබි ඇති නිසා රටට අඛණ්ඩ විදුලිය සැපයිම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකිමක් බැවින් එම සේවා අවශ්‍යතාව සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here