රාජපක්ෂවරුන්ගේ මෑණියන්ගේ නමින් මාවතක්

0
302

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ පරලෝ සැපත් මෑණියන් වන දෝන දන්දිනා රාජපක්ෂ මැතිණියගේ නමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මාවතක් නම් කර තිබෙනවා.

භාෂා ත්‍රිත්වයෙන්ම මෙම මාවත “දෝන දන්දිනා රාජපක්ෂ මාවත” ලෙස සඳහන් කළ පුවරුවක් ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේදී රාජපක්ෂවරුන්ගේ දෙමාපියන් වන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා රාජපක්ෂ මහත්මිය සිහිපත් කරමින් කෞතුකාගාරයක්ද ඉදි කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here