අන්තර්ජාතික 20 – 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකට පත්වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට අද (03දා) අවස්ථාව උදාවිය. කළක සිට මෙහි පෙරමුණ දකුණු අප්‍රිකාවේ ටබ්රේස් ශම්සි අත්පත් කරගෙන සිටි අතර, ඔවුව අභිබවා යාමට වනිඳුට දැඩි සටනක්දීමට සිඳුවිය.
මෙවර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ මේ දක්වා වැඩිම කඩුලුලාබියාද වන වනිඳු කඩුලු 14ක් බිඳහෙලා සිටින අතර, ඔහු ශ්‍රේණිගත ලකුණු 776ක් ලබා සිටියි. නව ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා පසුබැස්ස ශම්සිට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 770ක් පමණක් වන අතර, මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඔහු බිඳහෙලා ඇත්තේද කඩුලු 06ක් පමණි.
ඒ පන්දු යවන්නන් වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 776ක් ලබා ගනිමින්.
මේ වන විට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ දී වනිඳු බිද හෙලා ඇති කඩුලු ගණන 14ක් වන අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන තිබේ.
මේ අනුව මෙතෙක් කලක් මෙම වර්ගීකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබ්රේස් ශම්සි දෙවන ස්ථානයට පත් වී තිබෙනවා.
ඔහු ඉදිරියේ ලියැවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 770ක්.
ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ එංගලන්ත ක්‍රීඩක අදිල් රෂීඩ් සිටින අතර ඔහු ප්‍රසාද ලකුණු 730 ක් ලබාගෙන තිබෙනවා.
පන්දු යවන්නෙකුට අමතරව පන්දුවට පහරදීමෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නැතිවම බැරි ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින වනිඳු, අයි.සී.සී. තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හිද 08 වැනි ස්ථානයේ සිට 04 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි සිටියි.
පිතිකරණයෙන් ද ඔහු දැක් වූ දක්ෂතා හමුවේ අයි.සී.සී පන්දුවාර 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් හී සිව්වන ස්ථානය හිමි කර ගැනීමට ද වනිඳු හසරංග සමත්ව ඇත.
අයි සී සී පන්දුවාර 20 ලොව හොඳම පන්දු යවන්නන් දස දෙනා අතරේ වේග පන්දු යවන්නන් සිටින්නේ දෙදෙනෙකු පමණයි.
ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩක අන්රිච් නෝයේ සහ එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන්.
ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලැයිස්තුවේ හත්වන සහ නව වන ස්ථානවල රැඳී සිටිනවා.