Sunday, November 17, 2024

කොත්තුවක් නිසා මරණයකින් කෙළවර වූ ගැටුම

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දෙගම නගරයේ පිහිටි හෝටලයකට  කොත්තුවක් මිලදී ගැනීම්ට පැමිණි පුද්ගලයෙකු  කොත්තු සකසමින් සිටි හෝටලයේ හිමිකරු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමේ ප්‍රතිඵලයක් ලෙස කොත්තුව මිලදී ගැනීම්ට  පැමිණි පුද්ගලයා නිවසට ගොස් මන්නා පිහියක්  රැගෙන  පැමිණ පහර දීමේ සිද්ධියක්  වාර්ථාවෙනවා.

එම අවස්ථාව අවස්ථාවේදී හෝටල් හිමිකරුගේ පුත්‍රයා  විසින් තම පියාට පහර දෙන පුද්ගලයාට මෝල් ගසකින් පහරදුන් බවයි වාර්තා වන්නේ. එම සිදුවීමෙන් පහරකෑ  කොත්තු මිලදී ගැනීම්ට පැමිණි පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය  ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් පමණ වන කොටගොඩ, ‍ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අද දිනයේ දී මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකකිරීමට නියමිතයි.මියගොස් ඇති පුද්ගලයාගෙන් පහරකකෑමට ලක්වූ හෝටලයේ හිමි හිමිකරු ද  බද්දේගම රෝහලේ  සිට කරාපිටිය රෝහල්ට මාරුකර යවා තිබෙනවා.මෙසේ මෝල් ගසෙන් පහර දුන් වයස අවුරුදු 25 ක් පමණ වන පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ බද්දේගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles