කාබනික පොහොර වලින් මතුවූ අමුතු දේ

0
396

අම්බලන්තොට දෙහිගහලන්ද කරිවිලේයාය කුඹුරැ යාය අස්වද්දන ගොවි මහතෙකු විසින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයෙන් ලබාගත් කාබනික පොහොර ප්‍රමිතියකින් තොර බවට ගොවින් චෝදනා කරයි.

අදාළ ගොවින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් පසුගිය 01 වැනිදා ලබාගත් පොහොර තොග කුඹුරැ සඳහා භාවිත කිරීමට යාමේදී එහි යකඩ කෑලි, බෝතල්කටු ආදී ද්‍රව්‍ය මෙන්ම බහුතරයක් වැලි හා ගල් කැබලි වලින් සමන්විත වී තිබූ බවයි ගොවින් පවසන්නේ.

මෙම පොහොර කුඹුරැ සඳහා යොදනු ලැබුවොත් ගොවින්ට වෙනත් කරදරවලට මුහුණ දෙන්න සිදුවෙන බවද ගොවින් පවසනවා. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ගොවින් පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන නිලධාරී ඒ.ඩි ක්‍රිෂාන්ති මහත්මියගෙන් කල විමසීමකදී ඒ මහත්මිය පවසා සිටියේ අදාළ පොහොර තොගය ප්‍රදේශයේ පුද්ගලික ගැනුම්කරැවෙකුගෙන් ලබාගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here