එක රටක් – එක නීතියක් කියන්නේ ප්‍රෝඩාවක් – විජිත හේරත්

0
453

අත්‍යාවශ්‍ය භාණ්ඩවල පවතින හිඟය හමුවේ අදවනවිට මහජනතාව බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මිල ඉහලයාම පාලනය කිරීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මත පනවා තිබූ පාලන මිල ගණන් පවත්වාගෙන යාම පවා ආණ්ඩුව අපොහොසත් වූ බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියා සිටියේ.

එක රටක් එක නීතියක් වෙනුවෙන් වූ ජනාධිපති කාර්යය සාධක බළකායට සාමජිකයන් පත්කිරීමේ අධිකරණ අමාත්‍යවරයාද හෑල්ලුවට ලක්වී ඇති බවද විජිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

අධිකරණ අමාත්‍යවරයාද නොදනුවත්ව මෙම කාර්යය සාධක බලකායේ සභාපති ඇතුලු සාමාජිකයන් පත්කිරීම ඊට හේතුව බවයි මන්ත්‍රිවරයා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here