Friday, November 15, 2024

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් තවත් දියර පොහොර තොගයක් දිවයිනට

මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට නොමිලේ ලබා දීම සඳහා තවත් නැනෝ නයිට්‍රජන් දියර ලීටර් 144,600 ක් අද (4)අළුයම ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපලට රැගෙන එනු ලැබුවා. ඉන්දීය ගුවන් හමුදාවට අයත් C17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන CB 8008 හා 8009 න් මෙම දියර පොහොර තොගය ⁣රැගෙන එනු ලැබුවේ.

ඉන් පළමු ගුවන්යානය අද අලුයම 12.06ට පමණ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර 72,576ක් රැගෙන දිවයිනට ළඟා වු අතර අනෙක් ගුවන් යානය අලුයම 3.02ට පමණ නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් 72,576ක් රැගෙන දිවයිනට ළඟා වී තිබේ.

කටුනායක ගුවන්තොටුපොලේදී කොමර්ෂල් පොහොර සමාගම මෙම පොහොර තොගය බාර ගත් අතර ඒවා දිවයින පුරා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 562 හරහා ගොවීන්ට ලබා දිමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එම ගුවන් යානා මඟින් රැගෙන ආ පොහොර තොගය කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලිටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරිමට නියමිතයි. මේ අනුව ඉතිරි නයිට්‍රජන් දියර පොහොර තොගයද මේ සති දෙක ඇතුලත මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ කටයුතු කරමින් සිටින අතර ගොවීන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා බෙදා දීමට මා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles