හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයට බැසිල් රාජපක්ෂ මහතා සෘජුවම වගකිවයුතු පුද්ගලයකු බවත් ඔවුන් උත්සාහ ගන්නේ මහින්ද රාජපක්ෂ මහතාව තෙවන වරටත් පරාජය කරවීමට බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.
23 වැනිදා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහු මේ බව පැවසීය.
එසේම අලුත් පක්ෂ හෝ බලවේගයක් නිර්මාණය කිරීමට තරම් දක්ෂතාවක් හෝ හැකියාවක් බැසිල් රාජපක්ෂ මහතාට දැන් නැති බව ඔහු පවසයි.
රාජපක්ෂ පාලන සමයේදී බැසිල් රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩලය තරහකරවා ගත් බවත්, තවත් සහෝදරයකු හමුදාව තරහ කරවාගත් බවත් තවත් පුතෙකු නාවික හමුදාව තරහා කරවාගත් බවත් පැවැසූ විජිත් විජිතමුණි සොයිසා මහතා හිටපු නායකයා පරාජයට පත්වූයේ එවැනි කරුණු කාරණා නිසා බවත් වැඩිදුරටත් පවසයි.