Friday, November 15, 2024

ඇමති මහින්දානන්දගෙන් ගොවිජනතාවට ඉල්ලීමක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

“ මේ දිනවල දිවයින පුරාම  ගොවී උද්ඝෝෂණ පැවැත්වෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණවල ඉන්නේ නියම ගොවියෝ නෙමෙයි කියලායි මම විශ්වාස කරන්නේ.   මම ගොවීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඔබ බය වෙන්න එපා.

ඔබට පොහොර රජයෙන් දෙනවා. ඔබේ නිෂ්පාදන රජය මිලදී ගන්න සූදානමින් ඉන්නවා . ඒ වගේම කාබනික වගාවෙන් ගොවිතැන පාඩු වුණොත් ඒ පාඩුව රජයෙන් ගෙවනවා. ඒ රජයේ සහතිකය ගැන විශ්වාස කරලා ඔ‍බ ඔබේ ගොවිතැනට යොමු වෙන්න කියලා මම ඉල්ලනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාබනික පොහොර භාවිතයෙන් වගාකරන නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 100ක මුදලක් ලබා දීමට රජය සූදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති  බව කී අලුත්ගමගේ මහතා හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවද පවසයි.

ප්‍රථම වරට රුපියල් 80ක මිලක් වී සඳහා ලැබුනේ තමන් ඇමති වූ සමයේ බවත් තම රුව සහිත  පඹයන් හදා පුච්චන ගොවීන්ට අමතක වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

රජය මගින් ලබාදෙන මෙම සහතිකය ගැන විශ්වාසය තබා වහාම ගොවිතැනට යොමු වන්නැයි හෙතෙම ගොවීන්ගෙන් ඉල්ලා සිටී .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles