කොවැක්සීන් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙයි

0
294

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් එන්නත් ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබෙනවා.

එම එන්නත ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාව තුළ භාවිතයට අනුමත කළේ තුන්වන අදියරේ සායනික අත්හදාබැලීම් සිදුකෙරෙමින් පවතින අතරතුර බැවින් ඉන්දියාව ගත් තීරණය විවේචනයට ලක්වූ අතර බොහෝ පාර්ශ්වයන්ගේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබුණා.

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීම සඳහා අයඳුම් කළේ ඉකුත් ජූලි මාසයේදීයී.

එම සංවිධානයේ විශේෂඥ මඩුල්ලක් විසින් එන්නත ගැන තවදුරටත් දත්ත ඉල්ලා සිටීම නිසා අවසන් තීරණය ලබාදීම මේ වන තුරු කල් ගියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනුමැතිය ලබාදුන්නේ කොවැක්සින් එන්නතේ අවාසිවලට වඩා වාසි වැඩි බව පවසමිනි.

එම එන්නත වෛරසයට එරෙහිව 78%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here