Saturday, September 21, 2024

තත්වය සුළුවෙන් තකන්න බෑ : කෙරෝනා වැඩිවෙනවා – රාජ්‍ය ඇමතිනි සුදර්ශනි

ඇතැම් දිස්ත්‍රික්ක වල කොරෝනා ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

වර්ධනය වන තත්වය සුළුවෙන් තැකිය නොහැකි බව ද පැවසූ ඇය ජනතාව මූලික සෞඛ්‍ය නීතිවලට අනුගත ව කටයුතු නොකළහොත් ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ද පැවසුවාය.

දැනට ආසාදිතයන් වාර්තාවීම 500 මට්ටමේ පැවතුනත් සෞඛ්‍ය නීති අනුගමනය නොකරන්නේ නම් එම සංඛ්‍යාව 1500 ඉක්මවා යාමට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද ඇය කියා සිටී.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ජනතාවගේ හැසිරීම් මත බවද ඇය තවදුරටත් පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles