ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැලපෙන්නෙ නැති නිසා ආණ්ඩුවෙන් යන්න වෙනවා – වාසුදේව

0
313

ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි’ යැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරන්නේ ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍ය වරයා බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීය වී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර මහතා එහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here