සජිත්ගෙන් හැටනව ලක්ෂයට ආරාධනාවක්

0
330

ආණ්ඩුව යන ගමන ජනතාවාදී නොවන බවත්, මේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්කරන ගමනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට රට පුරා ගොවි ජනතාවගේ සිටම සියලු පුරවැසියන් බරපතල අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ දුර්දාන්ත සමය නිමා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සියලු දෙනාට ආරාධනා කළේය. එහිදී විශේෂයෙන්ම, වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට මුල් වූ හැට නව ලක්ෂයකට අධික ජනතාවට විශේෂ ආරාධනයක් කළ විපක්ෂ නායකවරයා ජනතාවාදී ජනහිතකාමී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය සමග අත්වැල් බැද ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පස්වරුවේ කුරුණෑගල ගල්ගමුවේ දී පැවති විරෝධතාවක් අමතමිනි. එම විරෝධතාවය සමගි ජනබලවේගයේ ගල්ගමුව ආසන සංවිධායක බන්දුල බණ්ඩාරනායක මහතා විසින් සංවිධානය කොට තිබූ අතර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජේ.සී අලවතුවල ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ. 

ආණ්ඩුවේ අදූරදර්ශී, පීඩාකාරී පාලනයට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවයට එක්ව සිටි අතර ගොවි ජනතාවට සිදුව ඇති බරපතළ අසාධාරණය පිළිබඳව ද විරෝධතාකරුවෝ එහිදී සිය විරෝධය ආණ්ඩුවට පළ කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here