වැලිසර අනතුරේ පිය – පුතු දෙපල අත්අඩංගුවට ගැනේ

0
441

පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ ඔහුගේ පියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ළමයා පැදවූ සුඛෝපභෝගී රථය මාර්ගයෙන් ඉවතට පැන අනෙක් මංතීරුවේ පැමිණි මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ අතර, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ඊට මැදිවුණා. අනතුරෙන් මියගියේ එක් යතුරුපැදියක ගමන් කළ මහබාගේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here