ISIS සාමාජික⁣යෝ පිරිසක් තලේබාන් සංවිධානයට එක්වෙති.

0
344

ISIS සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් ප්‍රාන්තයේ දී තලේබාන් සංවිධානය සමග එක්ව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අයිඑස්අයිඑස්කේ හෙවත් ඩයෙෂ් සංවිධාන සාමාජිකයන් 34 දෙනෙකු මෙලෙස තලේබාන් සංවිධානය සමග එක්ව ඇති බවයි.

ප්‍රදේශයේ ගෝත්‍රික නායකයන්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ මෙම එක්වීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මීට පෙරද මෙලෙසම අයිඑස්අයිඑස්කේ සාමාජිකයන් පිරිසක් තලේබාන් සංවිධානය සමග එක්ව ඇති අතර ඒ අනුව මේ වනවිට 149 ක පමණ පිරිසක් එළෙස සම්බන්ධ වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here