චීනයේ රූපවාහිනී නාලිකාවලට එරට රජයෙන් අවවාදයක්.

0
333

චීනයේ රූපවාහිනී සැටලයිට් නාලිකාවලට එරට රජයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එම මාධ්‍ය වාර්තාවලට අනුව ෂැන්හයි,ජියැන්ෂු , සෙජීයෑන්ග්, හුනාන් යන ප්‍රාන්තවල සැටලයිට් රෑපවාහිනී නාලිකාවල නියෝජිතයන් කැදවූ එරට බලධාරීන් දැනුම් දී ඇත්තේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සහ ජනාධිපති ෂී ජින්පින්ගේ කටයුතු ඉස්මතු වන ලෙස වැඩසටහන් විකාශය කරන ලෙසයි.

වැඩිවශයෙන්, විනෝදාස්වාද වැඩසටහන් විකාශය කිරීම සම්බන්ධයෙන් චීන බලධාරීන් මෙම නාලිකාවල නියෝජිතයන්ට දෝෂාරෝපණය කර ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වේ.

චීනයේ මේ දිනවල විශේෂ මාධ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක අතර ඒ යටතේ පෞද්ගලික අංශයට මාධ්‍ය ව්‍යාපාර සදහා ආයෝජනය කිරීමද වළක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here