නැනෝ නයිට්‍රජන් ආනයනය හරහා කෝටි 800ක වංචාවක් – චමිපික රණවක හෙළි කරයි

0
417

නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටී.

නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව දැනට මෙරටට ගෙන්වා ඇති සම්පූර්ණ තොගයට ගෙවා ඇත්තේ ඩොලර් තුන් ලක්ෂ අසූ හත් දහසක් පමණක් බවත් ඉතුරු සියලු මුදල් වංචා කර ඇති බවටත් ඔහු චෝදනා කළේය.

මෙසේ වංචා කර ඇති මුදල ආසන්න වශයෙන් කෝටි 800 ක් බවත් ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here