Monday, November 18, 2024

මෙරට ආර්ථිකය නගා සිටුවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුපියල් බිලියන 700කට ආසන්න ණය මුදල් බැංකු සහ මූල්‍ය ආයතනවලට අය කර ගැනීමට ඉතිරිව තිබෙන බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථිකය නගා සිටුවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ලේකම්වරයා සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස එම අරමුදලෙන් ණය ලබා ගැනීමක් සිදු කරන්නේද යන්න මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නෙකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විදේශ රටවලින් ලබා ගත් ණය ගෙවීමට බාධාවක් ඇති වී නොමැති බවද ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles