මෙරට නිෂ්පාදිත බෝට්ටු සඳහා අන්තර්ජාතික වශයෙන් පවතින ඉල්ලුම මේවනවිට ඉහළ යමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙරට නිෂ්පාදිත බෝට්ටු සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය,නෝර්වේ,ස්වීඩනය, ඔලන්දය, ප්‍රංශය , ඉරානය , එක්සත් ආරබ් එමීර් රාජ්‍යය ආදී රටවල් වලින් බවත් පසුගිය වසර කිහිපය තුළ බෝට්ටු අපනයනයෙන් විදේශ විනිමය විශාල මුදලක් උපයාගැනීමට හැකියාව ලැබු බවත් අමාතවරයා කීය.
පසුගිය 2014 වසරේදී මේහරහා රුපියල් මිලියන 1140 ක් 2015 දී රුපියල් මිලියන 11200 ක් උපයාගෙන ඇති බවත් මේවසරේ රුපියල් මිලියන 20000 ඉක්මවණ මුදල් ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරා වැඩිදුරටත් ප්‍රකාශකළේය.