මහත්මා ගාන්ධිතුමා සමරා බ්‍රිතාන්‍යයයෙන් කාසියක්.

0
465

ඉන්දියාවේ ජාතියේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධිතුමා සමරමින් පවුම් 5 ක් වටිනා විශේෂ සමරැ කාසියක් නිකුත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබේ.

එක් පසෙකින් ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙලුම් මල ද ගාන්ධිතුමාගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් වන මගේ පණිවිඩය මගේ ජීවිතයයි යන්න ද මෙම කාසියේ සටහන්ව ඇත.

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සංස්කෘතික සම්බන්ධය සිහිවීම සදහා මෙම කාසිය නිකුත් කිරීම සිදුකළ බව බ්‍රිතාන්‍යය බලධාරීහු සදහන් කරති.

ඉන්දීය නිදහස් සටනේදී ගාන්ධිතුමා බ්‍රිතාන්‍යයන්ට එරෙහිව විරෝධතා ගණනාවක් දියත් කළ අතර ඒ හේතුවෙන් අවස්ථා ගණනාවකදීම සිරගත වන්නට ඔහුට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here