ස්විස් ගුවන් සේවය යළිත් කොළඹට

0
302

ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ “Swiss International Air Line”ප්‍රථම ගුවන් යානය ඊයේ (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.

ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට එම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ – 64 දරන ගුවන් යානය උදෑසන 07.30ට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

Swiss International Air Line ගුවන් සේවය මීට පෙර කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ 2019 වසර තෙක් සිය ගුවන් ගමන් සේවා පවත්වා ගෙන ගොස් තිබුණි.

ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද සතියකට එක් වරක්, එනම් සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here