චීන හමුදා යානා 196 ක් තායිවාන ගුවන ආක්‍රමණය කර ඇති බව හෙළිවේ.

0
629

ගතවූ ඔක්තෝබර් මාසයේදී චීන ගුවන් හමුදා යානා 196ක් පමණ තම ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බව තායිවානය පවසයි.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ පෙර මාසයට සාපේක්ෂව එය කැපී පෙනෙන වැඩවීමක් බවයි.

සැප්තැම්බර් මාසයේදී චීන ගුවන් හමුදා යානා 119ක් පමණ තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර තිබේ.

චීන ගුවන් හමුදා යානා තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම මෑත කාලයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර තායිවාන බලධාරීන් පවසන්නේ ගතවූ වසර 40 පුරාම මෙවන් තත්වයක් නොපැවති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here