Saturday, September 21, 2024

දකුණු ආසියාවේ වැඩිම මාර්ග අනතුරු මරණ ශ්‍රී ලංකාවේ – ලෝක බැංකුව පවසයි

මාර්ග අනතුරු හේතුවෙන් දකුණු ආසියාවේ වැඩිම පුද්ගල මරණ සිදුවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව පවසයි.

කලාපීය රටවල් අතරින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය මෙන්ම නේපාලයට වඩා ශ්‍රී ලංකාවේ ජනගහණය අඩු වුවද, ප්‍රතිශතයක් ලෙස බැලීමේදී එම රටවලට සාපේක්‍ෂව මෙරට මාර්ග අනතුරු මරණ ඉහළ අගයක් ගනියි.

පවතින දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අනතුරු 38,000ක් පමණ සිදුවන අතර, ඉන් 3,000ක් පමණ මරණයට පත් වේ. තවත් 8,000ක් පමණ බරපතල තුවාල ලබයි. මෙම අනතුරුවලට ගොදුරු වන්නන්ගෙන් සියයට 90කටත් වඩා වැඩි ප්‍රමාණයක් පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් බව ලෝක බැංකුව සඳහන් කරයි.

2011 සහ 2018 කාලසීමාව තුළ මෙරට වාහන හිමිකාරිත්වයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති අතර, එයද මෙම මාර්ග අනතුරු ඉහළ යාමට ඍජු බලපෑමක් එල්ල වී ඇත.

මෙහිදී ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, අධික මාර්ග අනතුරු මරණ සහ සිදුවන තුවාල අනුපාතය මෙරට ආර්ථික වර්ධනය හා ප්‍රගතිය අඩපන කරවීමට ඍජු බලපෑමක් එක්කරන බවයි. විශේෂයෙන් මාර්ග අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 15-64 අතර අය වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles