කාදිනල් හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

0
286

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ ඉඩම් හෙක්ටයාර 3,863 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිවයි.

උන්වහන්සේ එමගින් ඉල්ලා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here