Saturday, September 21, 2024

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා පත් කරන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසි මහේන්ද්‍රන් මහතා පත් කර තිබෙනවා.

අදාළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන් සහ ඛේමා කුමුදුනි වික්‍රමසිංහ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින්.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉන් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් මෙලෙස
අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසි මහේන්ද්‍රන් මහතා පත් කර ඇති බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles