Saturday, September 21, 2024

අගමැති හා විමල් අතර හමුවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

අගමැතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම හමුවට ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැති බව වාර්තා වේ .

අගමැතිවරයාගේ දැනුම්දීම මත විමල් වීරවංශ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර, ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන්ද එහිදි  සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත .

ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ,හවුල් පක්ෂවල නායකයින්ගේ  සාකච්ඡාවක් කඩිනමින් පවත්වා ,අනතුරුව පක්ෂ නායකයන් හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද අගමැතිවරයා එහිදී එකඟතාව පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර සමුළුවටද විමල් වීරවංශ මහතා සහභාගී නොවූ අතර ඔහුගේ පක්ෂයේ නියෝජිතයෙක් පමණක් ඊට සහභාගි විය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles