Saturday, September 21, 2024

බ්‍රසීල ජාතික ජනප්‍රිය ගායිකා මාරිලියා මෙන්ඩොන්කා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

බ්‍රසීල ජාතික ජනප්‍රිය ගායිකා මාරිලියා මෙන්ඩොන්කා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බ්‍රසීලයේ කරටින්ගා නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට යන අතරතුරදී ඇය මෙම අනතුරට මුහුණපා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

වයස අවුරුදු දෙකක් වයසැති එක් දරු මවක් වන ඇය මිය යන විට 26 වියේ පසුවුණා. 2019 වසරේ ග්‍රැමී සම්මානයෙන් පිදුම්ලද ඇය නූතන සංගීත ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්වී සිටියා.

ඇය සමග ගමන්ගත් ඇයගේ ඥාතියෙකු, නිෂ්පාදකවරයෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles