Saturday, September 21, 2024


විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස ජනපතිගෙන් තරුණ පිරිස් වෙත ආරාධනයක්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (6) පැවසීය.

ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක් බව කී ජනාධිපතිවරාය එය සිදු කිරීමේදී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වුවත එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිරයා මේ බව පැවසුවේ වැඩ නිම කළ මාර්ග 1500ක් එක ම දිනකදී ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (06) පස්වරුවේ පැවති උත්සවය අමතමිනි.

කොවිඩ් වසංගතය හමුවේ තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි වුවත් එහි කිසිදු අඩුවක් නතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

කාබනික වගාව මෙන් ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසු නො බසින බව ද ජනාධිපතිවරයා පැවසීය.

හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී ජනාධිපතිවරයා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කීය.

අගමැති මහින්ද රාජපක්ෂ, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles