ලබන වසර සදහා වන අයවැය ඉදිරිපත්කරන ලබන 12වනදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
වැටුප් විෂමතා ඉවත්කිරීමේ ඉල්ලීම්වලට අයවැය මගින් විසදුම් ඉල්ලා දිවයින පුරා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.