අයවැය සැකසීමට වැඩිම පිරිස් දායකත්වය මෙවර

0
310

2022 අයවැය ලේඛනය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇති බව රජය පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම සහ මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමෙන්, ආයතන, සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් උදහස් ඉදිරිපත් කළ බවයි රජය ප්‍රකාශ කර තිබෙන්නේ.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නායකයින්ගේ දායකත්වය ද අයවැය ලේඛනය සකස් කිරීම සඳහා ලබා ගෙන ඇති බවයි රජය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here