Sunday, September 22, 2024

චීන පොහොර සමාගමෙන් ජාතික ශාක නිරෝධායන සේවාව වෙත මිලියන 8ක් ඉල්ලා ලිපියක් !

මතභේදාත්මක පොහොර තොගය සැපයූ චීන සමාගම වන Qingdao Seawin Biotech Group Co Ltd සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් ඉල්ලා ලිපියක් යොමු කර ඇත.
නොවැම්බර් 5 වැනිදා සිට දින තුනක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද එම ලිපිය මගින් අනතුරු අගවා ඇත.
සමාගම සිය නීතිඥ එම්.ජේ.එස් ෆොන්සේකා මහතා හරහා මෙම ගෙවීම ඉල්ලා ලිපිය යොමු කොට තිබේ.
සමාගම විසින් සපයන ලද සාම්පලවල ‘Erwinia’ නම් හානිකර බැක්ටීරියා අඩංගු බව කියමින් ශ්‍රී ලංකාව පොහොර නැව ප්‍රතික්ෂේප කළද සැපයුම්කරු එය අභියෝගයට ලක්‌ කොට ඇත.
සමාගම චීනයේ විශාලතම සහ අංක එකේ කාබනික පොහොර නිෂ්පාදකයා වන අතර එහි නිෂ්පාදනයක් වන මුහුදු පැලෑටි කාබනික කැට පොහොර ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ලොව පුරා රටවල් 50 කට වැඩි ගණනකට අපනයනය කරයි.
නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වාණිජකරණය වූ කාබනික අමුද්‍රව්‍ය, ඇමයිනෝ අම්ල, හියුමික් අම්ලය, මුහුදු පැලෑටි සහ මැටි බව එහි සඳහන් වේ.
නිෂ්පාදන ක්‍රියාවලිය සෙල්සියස් අංශක 600 ක උෂ්ණත්වයකදී රෝලර් ද්විත්ව වියළීමේ ක්‍රියාවලියකි.
“සියලු ව්යාධිජනක බැක්ටීරියා අමුද්‍රව්‍ය විනාශ වන අතර එය ව්යාධිජනක පළිබෝධ සහ බැක්ටීරියා වලින් තොරයි” යනුවෙන් එම ලිපියේ සදහන්ව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles