Sunday, September 22, 2024

දිනේෂ් – ජී එල් ඉල්ලා අස්වෙයිද ? – ලේකම් වරුන් පිළිබඳ තීරණයක් නොගන්නේනම් තමන්ට දැඩි තීන්දුවක් ගන්න වෙයි

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ආණ්ඩුවේ ප්‍රධානින්ට දැනුම් දී තිබේ. සිය අමාත්‍යාංශ ලේකම්වරුන් සමග කටයුතු කළ නොහැකි නිසා මෙසේ තීරණයක් ගැනීමට සිදු වූ බව ඔවුන් දැනුම් දී ඇත.


ජනාධිපති ලේකම් කාර්යාලයට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ඔවුන් විසින් මේ බව දැනටමත් දැනුම්දී තිබේ.

මෙම ලේකම් වරුන් පිළිබඳ තීරණයක් නොගන්නේනම් තමන්ට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරුන් විසින් අවධාරණය කර ඇත.මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන අමාත්‍යශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතාය.

මෙම ලේකම් වරුන් පිළිබඳ තීරණයක් නොගන්නේනම් තමන්ට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරුන් විසින් අවධාරණය කර ඇත.


ගම්ලත් කවුද?
ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට යාමට පෙර ඒ වැඩ කටයුතු සූදානම් කිරීමට මහාචාර්ය පීරිස් මහතා ලන්ඩන් නුවර බලා පිටත් වී තිබිණි.
ජී. එල්. මෙම ගමනට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ අයෙක් වූ ගම්ලත් නැමැත්තකුද සහභාගී කරගෙන ඇත.
නමුත් ලන්ඩන් සිට ස්කොට්ලන්තය බලා යන කණ්ඩායමෙන් ගම්ලත්ගේ නම ඉවත් කර ඇත.
ඇමැතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කෙනෙක් රැගෙන යාමට දෙන්න බෑ කියා අද්මිරාල් දුන් නියෝගයකට අනුව ගම්ලත්ගේ නම කැපී ඇති බව කියවේ.
නමුත් ඇමැති ජි.එල්. ගම්ලත්ව ස්කොට්ලන්තය බලා රැගෙන ගොස් ඇත.
‘‘අඩුම ගානේ වයස ගැනවත් හිතන්න තිබුණා. බෑග් එකවත් අරගෙන යන්න කෙනෙක් ගෙනිච්චාම මොකද වෙන්නේ ‘‘ කියා මේ වන විට ඇමැතිවරයාට හිතවත් අමාත්‍යංශයේ අය කතාබහ වන බව ආරංචි මාර්ග කියයි.
එකී ආරංචි මාර්ගම වැඩි දුරටත් පවසන්නේ ඇමැතිට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය ගෙනියන්න බෑ කියන අද්මිරාල් පසුගිය දිනක මොස්කවු හී කළ සංචාරයට තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙක් රැගෙන ගිය බවයි.
මෙලෙස අමාත්‍යංශ ලේකම්වරයෙක් තමන්ගේ බෑග් එක උස්සගෙන යාමට සහායකයෙක් රැගෙන ගියේ ප්‍රථම වතාවට බවත් කියයි.
මේ දෙදෙනාගේ ගැටුමේ උච්චතම අවස්ථාව උදාවී ඇත්තේ‍ ජනාධිපතිවරයා සිය දේශනය කිරීමට යන විටදීය.
දේශනය සඳහා ජනාධිපති සමග ඇතුළට යන්න දෙන්නේ එක් අයෙකුට පමණි. ‍
අද්මිරාල් එතැනදීත් ජී. එල්. ගේ නම කපා ලලිත් වීරතුංගගේ නම දමා ඇත.
කෝපය ඉහ වහ ගිය ජී .එල්. බැරිම තැන කෙලින්ම බැසිල්ට ඇමැතුමක් දී සියල්ල මුල සිට කියා ඇතැයි වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles