අයවැයට සමගාමීව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් !

0
424

ලඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.එම සංශෝධනය බොහෝ දුරට ඉදිරි අයවැය ලේඛනයට සමගාමීව සිදු කරනු ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීමත් සමඟ පසුගිය කාලයේ කැබිනට් සංශෝධනවලදී වෙනස් නොකළ අමාත්‍යංශවල කාර්යසාධනය සලකා බලා මෙම වෙනස්කම සිදුකිරීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.


ඒ සමගම රාජ්‍ය සංස්ථා මණ්ඩල 30කට ආසන්න ගණනක මුල් පුටුද වෙනස් කෙරෙනු ඇතැයි සඳහන්ය.
දැනටමත් මෙයට අදාළව මූලික විමර්ශන වගකිවයුතු අංශ විසින් නිමකර ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here