අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

0
453

අද විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අද දිනයේ අවස්ථාව වෙන් කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40ක් සඳහා අද අවස්ථාව ලබාදී ඇති අතර වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙය මෙරට 76 වන අයවැය ලේඛනය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දෙවන අයවැය මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here