Saturday, September 21, 2024

ගංවතුර අවදානමක් – වාරිමාර්ගෙන් දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණය හමුවේ ඉදිරි දින කිහිපය තුළ ගංගා ද්‍රෝණි කිහිපයක ඇතැම් ප්‍රදේශවල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව දැදුරු ඔය / මහ ඔය / අත්තනගලු ඔය / කැලණි ගග සහ කලු ගග ආශ්‍රිත පහත්බිම්වල පදිංචි ජනතාවට වඩාත් සැළකිලිමත්ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඊට අමතරව බෙන්තර ගග / ගිං ගග / නිල්වලා සහ කලා ඔය ආශ්‍රිත පහත්බිම් වල පදිංචි ජනතාවද ගංවතුර තත්වයන් සම්බන්ධයෙන් වඩාත් අවදානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles