Sunday, September 22, 2024

බදු ෆයිල් ලක්ෂ 4ක් වසා දමයි

විටින් විට කරන ලද බදු ඉවත් කිරීම් සහ සංශෝධන නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් පවත්වාගෙන ආ බදු ලිපිගොනු තුන් ලක්ෂ අසූ නව දහස් හයසියයක් (3,89,600) පමණ වසා දැමීමට සිදුව ඇති බව දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවසීය.

ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම නිසා ලිපිගොනු 92,000ක්, ආර්ථික සේවා ගාස්තුව අහෝසි කිරීම නිසා ලිපිගොනු 17,300ක්, වැට් බදු සංශෝධන නිසා ලිපිගොනු 20,300ක්ද මෙම වසා දැමූ ලිපිගොනුවලට අඩංගුය.

මේ හැර ආදායම් බදු ගෙවීමේ සීමාව රුපියල් මිලියන 12 සිට මිලියන 300 දක්වා වැඩිකිරීම හේතුවෙන් විශාල ලිපිගොනු සංඛ්‍යාවක් වැසීමට සිදුවූ අතර එම ප්‍රචාරය 2,60,000ක් බවද ලේකම්වරයා කියයි.

2019 වසරට සාපේක්ෂව 2020 දී සිදුකළ බදු අහෝසි කිරීම් හා සංශෝධන නිසා බදු ආදායම් රුපියල් බිලියන 601කින් අඩුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම බදු කපාහැරීම් සහ ප්‍රතිශත අඩුකිරීම් සිදුකිරීම්වලදී ආණ්ඩුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන නොමැති අතර වෘත්තීය සමිති සමගද කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ලේකම්වරයා අවධාරණය කරයි.

දේශය පුවත්පත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles