කොරෝනා වසංගතය නිසා මඟ හැරුණු පාඩම් සති 20කින් දරුවන්ට ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය

0
311

කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වූ දරුවන්ගේ පාසල් අධ්‍යාපන නගා සිටුවීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනය පවසනවා.

ඊයේ (07) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේ එම ඉගෙනුම් පාඩුව සති විස්සක් තුළ සම්පුර්ණ කිරීමට ඔවුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම මෙම අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ අත්‍යාවශ්‍ය කාරණා පමණක් එම සති 20 තුළ ඉගැන්වීමට ද ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවත් එය නොවැම්බර් මස සිට ක්‍රියාවට නංවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here