ෆීල්ඩි මාර්ෂල්ගේ මෙිසය උඩ ආරක්ෂාව සමිබන්ධයෙන් ලිපියක් ?

0
350

මින් ඉදිරියට පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන මැතිඇමතිවරුන්ගේ ශරිර ස්පර්ශකර පරික්ෂා කිරීමට තීරණය කර ඇත්තේ ආරක්ෂාව පිළිබද කිසියම් බුද්ධි තොරතුරක් අනුවදැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී මූලාසනයෙන් ප්‍රශ්ණ කලා.

කිසියම් අනතුරක් පිළිබද බුද්ධි තොරතුරක් ලැබී ඇත්නම් එය දැනගැනීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට අයිතියක් ඇති බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

පක්ෂ නායක රැස්විමේදී ගත් තීරණයක් බව සදහන් කරමින් පාර්ලිමේන්තුවේ තම මේසය මත තිබූ ලිපියක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් සරත් ෆොන්සේකා මහතා විමසූ කරුණට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා ගත් තිරණයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here