ඇෆ්ගනිස්තානයේ තත්වය පිළිබද කලාපීය හමුවක් මේ සතියේ ඉන්දියාවේදී.

0
423

ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්වය පිළිබද වන විශේෂ කලාපීය සාකච්ඡාවක් ⁣මේ සතියේ ඉන්දියාවේ දිල්ලි අගනුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

රුසියාව,ඉරානය, සහ ඉන්දියාව මෙම හමුව සංවිධානය කිරීමේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන බව පැවසේ.

විදෙස් වාර්තා සදහන් කළේ ,මෙම රටවලට අමතරව තජිකිස්තානය ,
තුර්ක්මේනිස්තානය ,කසකස්තානය, උස්බෙකිස්තානය , සහ කිර්ගීස්තානය යන රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන් මෙම සමුළුවට එක්වන බවයි.

මේ අතර ,මෙම සමුලුවට තමන් සම්බන්ධ නොවන බව පකිස්තානය ප්‍රකාශ කර ඇත.

මෙම සමුලුවේදී ඇෆ්ගනිස්තානයේ නැගී එන අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබද ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here