හොරු අල්ලන්න ආපු යහපාලන ආණ්ඩුව ඊට පෙර පැවති රජය ආකාරයටම හොරකම් කළා – සරත් ෆොන්සේකා

0
982

එයාර් බස් ගිවිසුම අහෝසි කර වන්දි ගෙවීමේ දී යහපාලන ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

හොරකම් කරන අයට දඬුවම් දෙන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවත් ඊට පෙර පැවති රජය කළ ආකාරයටම හොරකම් කළේ යැයි ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මේ වන විට වත්මන් ආණ්ඩුව එපා කියන ජනතාව විකල්පය කවුදැයි ප්‍රශ්න කරන බව ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (7) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“අපේ යහපාලන ආණ්ඩුව වැරදි කළ අයට දඬුවම් දෙනවා කියලා ඇවිත් අරගොල්ලො කරපු විදියටම හොරකම් කළා. ඊට පෙර පැවති රජය ‘එයාර්බස්’ ගිවිසුමෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගෙන ඇති බවට චෝදනා කරමින් බලයට ආ යහපාලන රජය එම ගිවිසුම අහෝසි කරද්දී ඩොලර් මිලියන 150ක පමණ ලොකු වන්දියක් ගෙව්වා. ඒ වන්දිය ගෙවද්දී අපේ අයත් ඩොලර් මිලියන 20ක් ගසාකෑවා. පාඩුවක් වෙලා රටෙන් ගෙවීමක් කරන විටත් අපේ අය ඩොලර් මිලියන 20ක් සාක්කුවේ දාගෙන තිබුණා. අපේ නායකයා ඇතුළු අය එයට වගකිව යුතුයි. ජනතාව දැන් මේ ආණ්ඩුව අපට එපා ඒත් විකල්පය කවුද අහනවා. අපි අලුත් පක්‍ෂයක් නිසා තාම විකල්පයක් කියා හෝ ආණ්ඩුක් පිහිටුවන්න පුළුවන් කියා ජනතාව කියන්නේ නැහැ. ජනතාව තවම ඒ තීරණයට ඇවිත් නැහැ.” යැයි ද ෆොන්සේකා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here