ජනාධිපතිවරයාවත් ඇන්දු කාබනික ගොවි රජා රසායනික පොහොර ගෝනි ගණන් දාද්දි අතටම මාට්ටු

0
313

තමන් වයස අවුරුදු දහසයේ සිට කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුවේ ප්‍රකාශ කළ ගොවි නායකයෙකු රසායනික පොහොර තම වගාවට යොදන ආකාරය ගොවීන් පිරිසක් විසින් හෙළිදරව් කර ඇත.

අනුරාධපුර ඇතුළු සමස්ත සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ත ලංකා ගොවිජන බල මණ්ඩලයේ සභාපතිවරයාගේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර යොදමින් සිටි ආකාරය එම ගොවි පිරිස විසින් හෙළිදරව් කරන ලදී.

මෙම සභාපති වරයා කාබනික පොහොර භාවිතයෙන් තම වගාව සිදුකරන අයුරු සොයා බැලීමට ගොවි පිරිස ගිය යන අවස්ථාවේ එම වගාවට රසායනික පොහොර යොදමින් සිටි අයුරු දක්නට ලැබී තිබිණි.

අදාල සභාපතිවරයා එහිදී කියා සිටියේ තමන් රසායනික පොහොර අනවශ්‍ය බව නොකියු වත් කාබනික පොහොර හොඳ බව පමණක් පැවසූ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here