මතින් නිදහස් රටක් – නුවරඑළිය දිස්ත්‍රීක් වැඩසටහන අද(26)..

0
328

මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය ‍අද (26) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදි පැවැත්විමට නියමිත බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙහිදි දිස්ත්‍රික්කයේ මත් නිවාරණයට හේතුවන ලෙස කටයුතු කළ පොලිස් නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්, මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරින්ට ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමීමට නියමිතය.

මෙම ප්‍රධාන උත්සවයට මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්, පාසල් ළමුන් ඇතුළු දෙදහසකට අසන්න පිරිසකගේ සහභාගි වීමට නියමිතය.

මෙම වැඩසටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයෙ නුවරඑළිය, අඹගමුව, වලපනේ, ‍කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රා‍‍දේශීය ලේකම් ‍ කොට්ඨාසවලට අයත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.

පාසල් ළමුන්, රාජ්‍ය නිලධාරින්, මත් නිවාරණය සඳහා පුහුණුව ලැබු සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගිත්වයෙන්  එම දැනුවත් කිරීම් සිදු වූ අතර නුවරඑළිය ප්‍රා‍‍දේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා තලවකැලේ නගරයෙදි පැවැත් විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here