අදත් මුහුද රළුයි – ධීවර හා නාවික ප්‍රජාවගේ අවධානය පිණිසයි..

0
448

පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය අද දිනයේ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශයේ ඇතැම් විට සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 ඉක්මවිය හැකි බවයි.

අනෙකුත් මුහුදු ප්‍රදේශද මද වශයෙන් රළු විය හැකි අතර, වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here