Monday, September 23, 2024

කොවිඩි එන්නත අනිවාර්ය කරන්න අනුමැතියට දුන් නීතිපතිට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

කොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති නීතිපතිවරයාට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.

නීතීඥ අනුර උණවටුන මහතා විසිනුයි අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

ආයුර්වේදය නොසලකමින කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන්  නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.

(ලි. ප. තැ/ අතින්/ විද්‍යුත් තැපෑලෙන්)

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2021.11.08

පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම

1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.

2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.

3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.

4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.

මෙයට, විශ්වාසී, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

පිටපත්

1) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශය 385, සුවසිරිපාය, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,  කොළඹ 10,

2) ආයුර්වේද කොමසාරිස්,ආයුර්වේද දෙපාර්තුමේන්තුව, පරණ පාර, නාවින්න,
මහරගම.

3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 10.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles